Tuesday, May 7, 2024

General line - 0115112241

ඡන්දය ප‍්‍රකාශ කිරීමේ වේලාව දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසමේ අවධානය




මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. එම කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පැවසුවේ බොහෝවිට ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව පස්වරු 05 දක්වා දීර්ඝ කිරීමට ඉඩ ඇති බවයි.

මට්ටක්කුලිය ප‍්‍රදේශයේ දී අද පැවැති පෙරහුරු ඡන්ද විමසීම නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පැමිණි අතර ඔහු එහිදී මාධ්‍ය වෙත මේ බව සඳහන් කළා. 

" කලින් පැවති පෙරහුරුවලට වඩා අද පැවැත්වූ මැතිවරණයේ විශේෂ වෙනසක් නැහැ. අපිට අවශ්‍ය උනා කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවන උතුරු කොළඹ, දකුණු කොළඹ, මැද කොළඹ වගේ වැඩි ජනතාවක් සිටින ප්‍රදේශවල මේ වගේ පෙරහුරු මැතිවරණ තියලා රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ට පවා ඒ ගැන අවබෝධයක් ලබා දෙන්න. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා කෑගල්ල, මහනුවර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් මේ වගේ පෙරහුරු මැතිවරණ තියන්න. 

තවම අපි තීරණය කරලා නැතත් කොමිෂන් සභාවේ අවධානය යොමු වෙලා තියෙනවා මැතිවරණය පැවැත්වීමේ වෙලාව සවස 5.00 දක්වා දීර්ඝ කරන්න" මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියා.