Wednesday, May 8, 2024

General line - 0115112241

සති දෙකක් තුළ මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 6420ක් අත්අඩංගුවට




සති දෙකක කාලයක් තුළ දිවයිනේ සියලූ පොලිස් ස්ථාන මගින් අපරාධ නිවාරණය සම්බන්ධව සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 6420 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 3551 දෙනෙකු, ගංජා සන්තකව සිටි සැකකරුවන් 2069 දෙනෙකු සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 260 දෙනෙකු වන බවයි පොලීසිය සඳහන් කළේ. මීට අමතරව එම වැටලීම්වලදී බෝර 12 වර්ගයේ ගිනිඅවි 18ක්, පිස්තෝලයක්, ගල්කටස් වර්ගයේ ගිනි අවි 24ක්, රිපීටර් 18 ක්, සජීව පතරොම් 36 ක්, කඩු 03 ක් සහ වෙනත් අවි 05 ක් සිය භාරයට ගත් පොලීසිය සැකකරුවන් 52 දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති වරෙන්තුකරුවන් ගණන 5,110 ක්. වෙනත් වැරදි සම්බන්ධයෙන් ද සැකකරුවන් 8750 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. 

ඉකුත් 06 වනදා සිට 20 වන දා දක්වා කාලය තුළ දිවයිනේ සියලූ පොලිස් ස්ථාන මගින් මෙම වැටලීම් සිදුකර තිබුණා.