Thursday, May 9, 2024

General line - 0115112241

හෙට දින ජලය කප්පාදු වෙන ප්‍රදේශ ප්‍රසිද්ධ කෙරේ




දිවයිනේ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය නවයක ජල කප්පාදුවක් සිදුවනවා.

ජාතික ජල සැපයුම් හා ජලාපවාහන මණ්ඩලය පැවසූවේ වීරකැටිය, වලස්මුල්ල, මුරුතවෙල, මැදමුලන, යක්ගස්මුල්ල, බැදිගම, මුල්ගිරිගල, හොරේවෙල යන ප්‍රදේශවලට හෙට පෙරවරු අටේ සිට පස්වරු පහ දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

හම්බන්තොට, මුරුතවෙල ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසූවේ.