Wednesday, May 8, 2024

General line - 0115112241

තරග පාවාදීමේ විෂය ගැන තිලංගට විශාල අත්දැකීම් තියෙනවා - මහේල




හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ හෙළිකළ තරග පාවාදීමේ සිද්ධිය පිළිබද මෙතෙක් සනාථ කර ගැනීමට අදාළ සාක්‍ෂියක් තමන්ට ලැබී නොමැති බව කී‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. 

තමන්, මේ සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍යාංශයෙන් සහ  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන්ද විමසීමක් කළ බවයි අමාත්‍යවරයා කියාසිටියේ. 

මේ අතර තරග පාවාදීමේ මෙම චෝදනාව සම්බන්ධයෙන් කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල ඉකුත්දා කළ ප‍්‍රකාශයකට හිටපු කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන ට්විටර් සටහනක් තබමින් අද ප‍්‍රතිචාර දැක්වූවා. 

හිටපු සභාපතිවරයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල ඉකුත්දා ප‍්‍රකාශ කර තිබුණේ තරග පාවාදීමේ සිද්ධියට සම්බන්ධ නොමැති නම්, කී‍්‍රඩකයින් කිහිපදෙනෙකු කලබලවී ටිව්ටර් සටහන් තබන්නේ ඇයි දැයි යන්නයි. 

‘‘ඔවුන් තොප්පිය දාගන්න හදන්නේ ඇයි දැයි’’ යන්නද හිටපු කි‍්‍රකට් සභාපතිවරයා එහිදී ප‍්‍රකාශ කර තිබුණා. ඊට ප‍්‍රතිචාර දක්වමින් හිටපු නායක මහේල ජයවර්ධන අද ට්විටර් සටහනක් තබමින් සදහන් කර තිබුණේ ‘‘මට කණගාටුයි, ඊළග වතාවේ තොප්පිය පැළදීමට පෙර සහ ප‍්‍රතිචාර දැක්වීමට පෙර ඔහුගෙන් විමසීමට අප කටයුතු කරන්නම්’’ යනුවෙන්.

ඔහුට එම විෂය පිළිබද විශාල අත්දැකීමක් ඇති බවද මහේල ජයවර්ධන සිය ට්විටර් සටහනින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වා තිබුණා.