Wednesday, May 15, 2024

General line - 0115112241

කම්බලි කණ්ඩායමේ නායකයා කොටු




මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන පුද්ගලයා සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මුලතිව් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

මෙම පුද්ගලයා ආවා කල්ලිය මෙන් මුලතිව් ප‍්‍රදේශයේ රහසිගතව කි‍්‍රයාත්මක වන කම්බලි නම් කණ්ඩායමේ නායකයා බවටයි ආරක්‍ෂක අංශ පවසන්නේ. ඔහු සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ යතුරු පැදියක්, කිනිස්සක් ඇතුළු ආයුධ කිහිපයක්ද සමගයි.