Tuesday, May 14, 2024

General line - 0115112241

හෙරොයින් දුන් නියාමකව රැඳවියන් පෙන්වයි




බූස්ස බන්ධනාගාරයේ රැදවියෙකුට හෙරොයින් ලබාදීමේ චෝදනාව මත බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

විශේෂ අංශයේ වාට්ටුවේ සගවා තිබි හෙරොයින් ග‍්‍රෑම් 5 කට අධික ප‍්‍රමාණයක් සොයා ගැණුනේ ඉකුත් 13 වැනිදා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි. එම අවස්ථාවේ එම වාට්ටුවේ රැදවියන් 15 දෙනෙකු පමණ රදවා සිටි අතර ඔවුන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී හෙරොයින් ලබාදුන් බන්ධනාගාර නියාමකවරයා පිළිබද කරුණු හෙළිකර තිබෙනවා.

ඒ අනුව අදාළ නියාමකවරයාගේ වැඩ තහනම් කර ඇති අතර ඉදිරි පරීක්‍ෂණ සදහා රත්ගම පොලීසියට වාර්තා කළ බවයි බූස්ස බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

මෙම බන්ධනාගාර නියාමකවරයාගේ සහෝදරයෙකු ද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. බූස්ස බන්ධනාගාරයේ මීට පෙර සේවය කළ ඉහළ නිලධාරියෙකු සතු ගාල්ලේ පිහිටි ගොඩනැගිල්ලක කූලි පදනම මත ශරීර සුවතා මධ්‍යස්ථානයක්ද මෙම නියාමකවරයා විසින් පවත්වාගෙන යන බවටයි අනාවරණ වී ඇත්තේ.