Thursday, May 16, 2024

General line - 0115112241

"අත්සන් කළ රටවල ඉරණම භයානකයි" MCC අත්සන් නොකිරීමට තවත් හේතුවක් ජනපති ගෝඨාගේ කමිටුව පෙන්වයි




MCC ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප‍්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනි වීමක් බව MCC ගිවිසුම සම්බන්ධව සොයා බැලීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ කමිටුවේ මහාචාර්ය  ලලිතසිරි ගුණරුවන් සඳහන් කරනවා. 

MCC ගිවිසුම ක‍්‍රියාත්මක කළ සෙසු රටවල වත්මන් තත්වය කෙරෙහි ද කමිටු සාමාජිකයින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ අතර එම රටවලට අත්වූ ඉරණම ඉතා කණගාටුදායක බව නිරීක්ෂණය වී ඇතැයි ඔවුන් පෙන්වා දුන්නා.

එම වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම්වරයාට එහිදී උපදෙස් ලබා දුන්නේ.

2019 දෙසැම්බර් මස 18 වැනි දින කැබිනට් මණ්ඩලය‍ ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ගිවිසුම අධ්‍යයනය සඳහා සාමාජිකයින් හතරදෙනෙකුගෙන් යුත් මෙම කමිටුව පත් කෙරුණා. 

ප‍්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඞී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ  නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර, කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා. ඊයේ දිනයේ මෙම වාර්තාව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දීම සිදු කෙරුණා.