Wednesday, May 15, 2024

General line - 0115112241

බැලුම්ගල සමග එක්ව ජාවාරමක් හෙළිකළ පුද්ගලයෙකුට ජාවාරම්කරුවන්ගෙන් මරණ තර්ජන




යාල වනෝද්‍යානයේ සිදුකෙරන වන විනාශය, නීති විරෝධි වගාකිරීම් සහ පතල් කැණීම් පිළිබද නෙත් එෆ් එම් බැලූ‍ම්ගල අද පෙරවරුවේ කළ අනාවරණය සදහා තොරතුරු ලබාදුන් බවට සැකකරමින් පුද්ගලයෙකු තර්ජනයට ලක්ව තිබෙනවා.

මෙලෙස තර්ජනයට ලක්ව ඇත්තේ තිස්සමහාරාම රන්මිණිතැන්න ප‍්‍රදේශයේ පුද්ගලයෙක්. සිදුකෙරෙන නීතිවිරෝධී කි‍්‍රයා සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින චන්දන රණසිංහ සහ තට්ට චමින්ද ලෙස එම ප‍්‍රදේශයේ ප‍්‍රකටව සිටින පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් ආයුධ සන්නද්ධව පැමිණ තර්ජනය සිදුකර තිබෙනවා.

තර්ජනය කිරීම සම්බන්ධයෙන් නම් කියැවෙන චන්දන රණසිංහ හා තට්ට චමින්ද ලෙස ප‍්‍රකටව සිටින තැනැත්තන් නෙත් එෆ් බැලූ‍ම්ගල මගින් සිදුකෙරුණු මූලික විමර්ශනයේදී ලබාදුන් තොරතුරු අනුව අදාල නීති විරෝධී කි‍්‍රයා සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගැණුනු අයයි. 

වැඩිදුර විමර්ශන සදහා ඔවුන් ලූ‍නුගම්වෙහෙර පොලීසියට භාරදී සිටි අතර පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණය විසින් ඇප මත මුදාහරිනු ලැබ සිටියදීයි ඔවුන් අද තවත් පිරිසක් සමග පැමිණ මෙම තර්ජනය සිදුකර ඇත්තේ. 

මේ පිළිබද තොරතුරු ලැබී ඇතැයිද ඒ අනුව විමර්ශන සිදුකරන බව ද තිස්සමහාරාම පොලීසිය පැවසුවා.

යාල වනෝද්යාරනයේ සිදුකෙරන නීතිවරෝධී කි‍්‍රයා සම්බන්ධයෙන් සහ ඒවා සගවාලීමට කෙරෙන මෙවැනි තර්ජනාත්මක හැසිරීම් සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලූ‍ම්ගල තවදුරටත් අවදියෙන්.