Friday, May 3, 2024

General line - 0115112241

කොරෝනා පැරදු ලොව වයස්ගතම පුද්ගලයා ඉතියෝපියාවෙන්




කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ ලොව වයස්ගතම පුද්ගලයා ඉතියෝපියාවෙන් වාර්තා වී තිබෙනවා. ඔහුගේ වයස අවුරුදු 114 ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහු ප‍්‍රතිකාර ලැබූ අඩිස් අබාබා රෝහලේ වෛද්‍යවරයෙකු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප‍්‍රකාශ කර ඇත්තේ, මේ වනවිට එම පුද්ගලයා මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි. 

මීට පෙර, කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා අතරට එක්ව සිිටියේ වයස අවුරුදු 113 ක් වන බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවක්. වයස අවුරුදු 80 ට වැඩි පුද්ගලයින් කොරෝනා වෛරසයෙන් සුවය ලැබීමේ හැකියාව ඉතා අවම බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. 

මේ වනවිට ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අනූපන්ලක්ෂ 72,182 ක්. ලොව පුරා කොරෝනා මරණ හාරලක්ෂ 86,011 ක් ද වාර්තා වනවා. නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් ගණන පනස්දෙලක්ෂ 9,933 ක්.