Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දියාව කොරෝනා ලැයිස්තුවේ 03 වන තැනට : ටජ් මහල විවෘත කිරිමත් කල් යයි




නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑමක් එල්ලවූ ලෝකයේ තෙවන රට බවට ඉන්දියාව පත්ව තිබෙනවා. ඒ රුසියාව අභිබවා යමින්.

ඊයේ සවස් කාලය වන විට ඉන්දියාවෙන් සමස්ත කොරෝනා රෝගීන් 697,836 සංඛ්‍යාවක් වාර්තා වූ බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටියේ. රුසියාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 681,251ක් වනවා.

දෛනිකව ගත් කළ ඉන්දියාවෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්‌ වාර්තා වූ ඊයේ දිනයෙදී රෝගීන් 25,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 613ක් වාර්තා විය.

මේ අතර ලෝක ප්‍රසිද්ධ "ටාජ් මහල" අද දිනයේදී යලි විවෘත කිරිමට නියමිතව තිබුණත් එම තීරණය අවලංගු කිරිමට ඉන්දීය රජය තිරණය කර තිබෙනවා. ඒ නව කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙනි.