Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දියාවට, යළි ලොක්ඩවුන්




දිගින් දිගටම කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමග ඉන්දියාවේ ප‍්‍රාන්ත රැුසක් අර්ධ වශයෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අතරට දිල්ලි නුවරද අයත්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සියළු විශ්ව විද්‍යාලවල විභාග අවලංගු කර ඇති අතර පෙර ඇගයීම් මත ඔවුන්ට ලකුණු ලබාදීමටද තීරණය කර තිබෙනවා. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්‍ෂ 20,000 ඉක්මවා ගොස් තිබෙනවා. 

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ කොරෝනා වසංගතය යනු ලෝකයට අවධිවීමට ලබාදුන් සංඥාවක් බවයි. ඒ අනුව අනාගතයේදී ආර්ථිකය හා සමාජය වඩාත් යහපත් මට්ටමකට ගෙන ඒමට නැවත සැලසුම් සකස් කළ යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පවසන්නේ.