Saturday, September 21, 2024

General line - 0115112241

යාපනයේ සරසවි සිසුන්ට ජනපතිගෙන් පොරොන්දුවක්




යාපනය විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

එබැවින් කිසිදු බියකින් සහ සැකයකින් තොරව නිදහසේ තම අධ්‍යාපන කටයුතුවල නිරත වන ලෙසටයි ජනාධිපතිවරයා සිසුන්ගෙන් ඉල්ලා සිටියේ.

ඒ, යාපනය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියේ නිළධාරීන් හා දෙමාපියන් මෙන්ම සිසුන් පිරිසක් ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පූර්ණ වශයෙන් වගකියන බවයි.

විශ්ව විද්‍යාලය තුළ සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශිෂ්‍යයන්ගෙන් හා ආචාර්ය මණ්ඩලයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමටද මෙහිදී තීරණය වී තිඛෙනවා.