Friday, May 3, 2024

General line - 0115112241

මැතිවරණ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයන් තිදෙනෙකු අත්අඩංගුවට




එළඹෙන මහ මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කළ අපේක්‍ෂකයින් තිදෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සදහන් කළේ මැතිවරණ කටයුතුවලට සම්බන්ධ කර තිබූ රජයේ වාහන 2 ක් ද පොලිස් භාරයට ගත් බවයි.

ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 187 ක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ, ඉකුත් සිකුරාදා සවස හතරේ සිට ඊයේ සවස 4 දක්වා කාලය තුළයි. ඒ අනුව මෙතෙක් ලැබී ඇති සමස්ත මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 3,871 ක්.