Friday, May 3, 2024

General line - 0115112241

උසස් පෙළ කල් යන ලකුණු - අවසන් තීරණය අද




උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දිනයන් අද (20) ප‍්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡාවකදීයි.

අධ්‍යාපන අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා සහ විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ ප‍්‍රධානත්වයෙන් එම සාකච්ඡාව අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි. 

මීට පෙර පැවති සාකච්ඡාවකදී යෝජනා වී තිබුණේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පෙර සැලසුම් පරිදි සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමටයි.

ලබන සැප්තැම්බර් 5 වැනිදා සිට ඔක්තෝම්බර් 2 වැනිදා තෙක් උසස් පෙළ විභාගය පැවැත්වීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ.

කෙසේවෙතත් උසස් පෙළ විභාගය තවත් කල් යනු ඇති බවටයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ. පාසල් අතුරු නිවාඩු තවත් දීර්ඝවීම ඊට හේතුවයි.

ඒ අනුව උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දිනයන් පිළිබද අද (20) දිනයේ අවසන් තීරණයක් ගනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය පිළිබද අධ්‍යාපන ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙන බවයි.