Friday, May 3, 2024

General line - 0115112241

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලාපොරොත්තුව




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය තවදුරටත් සිදු වුවද එය බාධාවක් කර නොගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු ගවේෂණ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එය නම් කර ඇත්තේ හෝප් හෙවත් බලාපොරොත්තුව යන නමින්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු ගවේෂණ මෙහෙයුමක් ආරම්භ කළ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. ඉකුත් සතියේ ඔවුන් මෙම මෙහෙයුමට අදාළ රොකොට්ටුව කක්‍ෂගත කිරීමට අවස්ථා දෙකකදී උත්සාහ දැරුවා. එහෙත් එය ව්‍යාප්ත වූයේ අයහපත් කාලගුණය හේතුවෙන්. රොකට්ටුව කක්‍ෂගත කෙරුණේ ජපානයේ සිටයි.

එය කිලෝමීටර් මිලියන 500 ක ගමනකින් පසු අඟහරු ග‍්‍රහයාගේ කාලගුණික සහ දේශගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නියමිතයි. 

මෙම රොකට්ටුව 2021 වසරේ පෙබරවාරි මාසයේ මෙම මෙහෙයුමේ සාර්ථකත්වය උදා වනු ඇති බවටයි විද්‍යාඥයින් විශ්වාසය පළ කරන්නේ. 2021දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වසර 50 ක් සම්පූර්ණවීමද විශේෂත්වයක්. අභ්‍යවකාශ විද්‍යාව හා අභ්‍යවකාශ යානා නිෂ්පාදනය සම්බන්ධයෙන් අත්දැකීම් සීමිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙම ඓතිහාසික මෙහෙයුමට නායකත්වය දී ඇත්තේ කාන්තාවක්වීම කැපී පෙනෙන සිද්ධියක් වනවා.

අමෙරිකාව, රුසියාව, යුරෝපය සහ ඉන්දියාවට පසු අඟහරු ගවේෂණයට මෙහෙයුම් දියත් කළ පළමු රට එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.