Wednesday, May 8, 2024

General line - 0115112241

විසඳුම් නොලැබුණහොත් PHI නිලධාරීන් මීළඟට ගන්නා පියවර කියයි




තමන්ට නීතිමය බලතල පවරා දෙන තෙක් කොරෝනා රාජකාරිවලින් බැහැර වන බව පවසමින් ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය අද (22) 07 වන දිනටත් කි‍්‍රයාත්මකයි.

ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ, සිය ගැටළු විසදීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම්, සියලූම රාජකාරීවලින් ඉවත් වීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දුන්නේ මේ වන තුරුත් පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බවයි.