Thursday, May 9, 2024

General line - 0115112241

යාපනය නල්ලූර් කෝවිලට දිනකදී බැතිමතුන් 300කට අවසර




යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය සඳහා සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව දිනකදී බැතිමතුන් 300 දෙනෙකු පමණක් සහභාගී කරවා ගන්නා ලෙස යාපනය සෞඛ්‍ය බලධාරීන් විසින් එම කෝවිලේ පාලක සභාවට දැනුම් දී තිබෙනවා.

නල්ලූර් කෝවිලේ භාරකාර මණ්ඩලය සෞඛ්‍ය බලධාරීන්ගෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මීට පෙර සෞඛ්‍ය බලධාරීන් අවසර ලබා දී තිබුණේ බැතිමතුන් 50 දෙනෙකුට පමණක් ඒ සඳහා සහභාගී විය හැකි බවයි.

කෙසේ වෙතත් නව්‍ය කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පූජාවන් සමයේ කෝවිල අවට වෙළඳසැල් පවත්වාගෙන යාම, ආහාරපාන අලෙවි කිරීම, දන්සැල් පැවැත්වීම වැනි ක‍්‍රියාවන් සිදු කිරීමට අවසර හිමි නොවන බව ද යාපනය සෞඛ්‍ය බලධාරීන් නල්ලූර් කෝවිලේ පාලක සභාව වෙත දැනුම් දී තිබෙනවා.

නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය ලබන 25 වැනිදා සිට අගෝස්තු මස  20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.