Wednesday, May 8, 2024

General line - 0115112241

මොකද්ද මේ කිරිඇල්ලේ රැල්ල




මහනුවර දිස්ත්‍රික්කය පුරා මේ දවස්වල කිරිඇල්ලෙ රැල්ලක් ඇවිත් කියල කටකතාවක් යනවා. ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑ වගේ මේ කතාවටත් පසු බිමක් තියෙනවා. රැල්ලක් කියන්නෙ හොද අතටත්,සමහර විට නරක අතටත් යන්න පුළුවන් එකක්. කිරිඇල්ල කියන්නෙ මන්ත්‍රිවරයෙක් හැටියට විතරක් නෙවෙයි, ජාතික දේශපාලනයෙත් හොද නමක් තියෙන කෙනෙක් හැටියට පිළිගන්නෙ.

2015 මහ මැතිවරණයෙදි ලක්ෂ්මන් කිරිඇල්ල මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ ඉතිහාසෙ වැඩිම මනාප සංඛ්‍යාව ලබාගත්ත මන්ත්‍රිවරයා.

වසර තිහකට අධික කාලයක් අඛණ්ඩව මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එ.ජා.ප. රජයන් යටතේ අමාත්‍ය ධූර ගණනාවක් හෙබවූ ලක්ෂ්මන් කිරිඇල්ල මේ පාර තරග වදින්නේ දුරකතනය ලකුණින් සමගි ජන බලවේගය නියෝජනය කරමින්.

ඔහුගේ දේශපාලන පැටිකිරිය ඇරඹෙන්නේ ශ්‍රී.ල.නි.ප. යෙන් මහනුවර නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු ලෙස 1979 වසරේදීයි.

1974 වසරේ නීතිඥයකු ලෙස නීති විද්‍යාලයෙන් පිටවන කිරිඇල්ල සිය නීති වෘත්තිය අරඹන්නේ මහනුවරින්. 1989 කාලයේ කිරිඇල්ල ජ.වි.පෙ. සන්නද්ධ කැරැල්ල සමයේ තරුණයින් විශාල පිරිසකගේ ජීවිත ගලවා ගැනීමටත් මැදිහත් වෙනවා.1989 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන්නේ ඔහු ජාතික දේශපාලනයේ භූමිකාවක් එක්ක.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙ ආණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිකමක් දරපු කිරිඇල්ල 2001 දී එක්සත් ජාතික පක්ෂයට එක් වෙන්නෙ ප්‍රතිපත්ති ගැටුමක් එක්ක. මහනුවර ශ්‍රී.ල.නි.ප දේශපාලනය රස්තියාදුකාර පිරිසක් අතට පත්වෙද්දි ,එ.ජා.ප. දේශපාලනය මහත්මා එකක් කරන්න කටයුතු කළේ ලක්ෂ්මන් කිරිඇල්ල වගේ අය.

ලක්ෂ්මන් කිරිඇල්ල එ.ජා.ප. ආණ්ඩු යටතේ කර්මාන්ත, උසස් අධ්‍යාපන, මහා මාර්ග වැනි අමාත්‍ය ධූර ගණනාවක් හෙබ වූ කෙනෙක්. එහෙම අමාත්‍ය ධූර දරමින් පසුගිය කාලයේ රටට විශාල වැඩ කොටසකුත් කළා. සභානායක හැටියට පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් සිදු කළ කාර්යයභාරය අතිමහත්. 2015 සිට 2019 කාලය තුළ ඔහු ගේ සංවිධාන ශක්තිය හොඳින්ම කැපී පෙනුනා.

දින 52ක තාවකාලික ආණඩුවක් පිහිටවපු අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ තිබිය යුතු විනය පවා මොන්ටිසෝරි තත්ත්වයට ඇදගෙන වැටුණා. ඒ අවස්ථාවේ විපක්ෂයෙ සිට කිරිඇල්ල වැනි කෙනෙක් පරිනත දේශපාලන භූමිකාවක කටයුතු නොකරන්න පාර්ලිමේන්තු ‍ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන්නට තිබුණා.

මෙහෙම කටයුතු කරපු කෙනෙක් මහනුවර හදන්න යන රැල්ල මොකද්ද?

මහනුවරට අධිවේගී මාර්ගයක් ඉදිකිරීමේ සැලසුම් ක්‍රියාත්මක කළේ ලක්ෂ්මන් කිරිඇල්ල. ඔහු මීරිගම සිට කිලෝමීටර් 37 ක කුරුණෑගල දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිම කළේ දේශීය මුදලින්, දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදා ගනිමින්. ඒ අවස්ථාවේ කිරිඇල්ල විරෝධී රැලලක් මතු වුණේ ඒ වෙන තෙක් විදේශ සමාගම්වලට කොමිස් පිට කොන්ත්‍රාත් දුන්න දේශපාලන පැළැන්තියෙන්. කිරිඇල්ල ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ තමන්ට එරෙහිවම විවාදයක් දී රැල්ල නිශේධ කළා. දැන් අලුත් ආණ්ඩුවට තියෙන්නෙ කුරුණෑගල දක්වා ඉතිරි කිලෝමීටර් 03 සම්පූර්ණ කරලා ජනතාවගෙ ගමන් පහසුව ඇති කරන්න.

කිරිඇල්ල මේ පාර සමගි ජන බලවේගයත් එක්ක ගියෙ රැල්ලටද?

මේකත් රැල්ලෙ කොටසක් වගේ පෙනුනට කිරිඇල්ල රැල්ලට යන කෙනෙක් නෙවෙයි. ඔහු විපක්ෂයෙ ඉද්දි ආණ්ඩු පක්ෂයෙන් නොයෙක්වර ඇමති වරදාන එක්ක සන්තෝසම් යෝජනා ආවට ප්‍රතිපත්ති එක්ක හිටපු කෙනෙක්.

ඒත් කිරිඇල්ල ඇයි මේ පාර මහනුවර රැල්ලට පැන්නෙ?

එක උත්තරයයි ඒකට තියෙන්නෙ.මේ පාරත් ලක්ෂ්මන් කිරිඇල්ල හිටගත්තෙ ප්‍රතිපත්තිත් එක්ක.මහනුවර ජනතාවගෙ අවශ්‍යතා රකින්න පුළුවන් පෙරමුණක හිටගත්ත කිරිඇල්ල මේ පාරත් මහනුවර රැල්ලක් හදාගෙන යනවා.

මේ රැල්ල එන්නෙ දුරකතන රැල්ලක් හැටියට.ඒක ලඟදීම එන්න නියමිතයි. ඒකෙ ප්‍රතිඵලය වෙන්න පුළුවන් කිරිඇල්ල දුරකතන රැල්ල මෙවර මහ මැතිවරණයෙදි මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ සිතියම වෙනස් කරන එක. සමගි ජන බලවේග ආණඩුවක් පාර්ලිමේන්තුවේ හැදෙන රැල්ල මහනුවරින් පටන් ගන්න ලක්ෂ්මන් කිරිඇල්ලගේ සැලසුම.

(Sponsered Article)