Friday, September 20, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු නායකයාගේ ‘රංගනව බැඳ දැමීමේ සැළැස්ම’ වතුරේ ගිය හැටි



රංගන හේරත් අද(5)පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් ඉතිහාස පොතට එක්වුණා.

ඔහු ඕස්ට්‍රේලියා ඉනිමේ දවාගත් කඩුලු ගණන හතරක්.

රංගන හේරත්ගේ පන්දු යැවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිටම අධ්‍යයනය කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා නායක ස්‌ටීව් ස්‌මිත් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේම දැක්වූයේ මෙවන් අදහසක්.

“හේරත් විශිෂ්ටයි. ඔහුගේ වාර්තා ඉතාමත් ඉහළයි. අපි ඒ ගැන අවධානය යොමුකරල තියෙන්නේ. රංගනගේ පන්දු හමුවේ ක්‍රීඩා කළ යුතු ආකාරය දැන් අප හඳුනාගෙන තිබෙනවා.ඒ අනුව අපට අපහසු වෙන එකක් නෑ. ඩේවිඩ් වෝනර් පළමු ටෙස්‌ට්‌ තරගයේ ඉඳලම ක්‍රීඩා කරනවා. අප දැන් මේ තත්ත්වයට හුරුවෙන්න පටන් ගත්තා” යයි ස්‌මිත් සඳහන් කර තිබුණා.

එහෙත් ඕස්ට්‍රේලියාව තමන්ව පාලනය කිරීමට සකසා තිබූ සියලු සැළසුම් බිඳ දමමින් ඔවුන්ගේ කඩුලු බිලි ගැනීමට රංගන මේ වන විටත් සමත්ව තිබෙනවා.