Saturday, May 18, 2024

General line - 0115112241

ශානි අබේසේකරගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ (UPDATE)




අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වනවිටත් ප‍්‍රශ්න කරමින් සිටිනවා.

ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ කළගෙඩිහේන ප‍්‍රදේශයෙන් ගිනි අවි සොයා ගැනීමේ සිද්ධියකට අදාළ සාක්ෂි සැඟවීමේ චෝදනාව මතයි.

පොලිස් මූලස්ථානයේ අද (31) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ඒ බව සඳහන් කළා.

-----------------------------

ශානි අබේසේකර අත්අඩංගුවට පත් වෙයි

(31-07-2020 08:11)

 

විමර්ශනයකට අදාළව අසත්‍ය සාක්ෂි සකස් කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර කොළඹ  අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා.