Saturday, May 18, 2024

General line - 0115112241

බෝගම්බර සිරගෙදර හෝටලයක් ඉදි වෙයිද? - අගමැතිගෙන් පිළිතුරු




බෝගම්බර සිරගෙදර පිහිටි ස්ථානයේ හෝටලයක් ඉදිකරන බවට ඇතැමුන් ගෙන යන ප‍්‍රචාර සම්පූර්ණ අසත්‍යයක් බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ති‍්‍රක්කයේ සෙංකඩගල ප‍්‍රදේශයේ පැවැති හමුවකට එක්වෙමින්.

මහනුවර නගරය, ලෝකයේ වටිනාකම වැඩිම සංස්කෘතික නගර අතර ප‍්‍රමුඛ නගරයක් බවට පත්කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ. 

දළදා වහන්සේ  වැඩසිටින දළදා මාළිගාව අසල මාර්ගය වසා දැමීමට පියවර ගනු ලැබුවේ එම මාර්ගයෙන් මස් පිණිස සතුන් ප‍්‍රවාහනය කිරීම නවතා දැමීමට බවත්, එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග ඉදිකර නගරයේ තදබදය අඩු කිරීමට පියවර ගත් බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම, බෝගම්බර සිට උමං මාර්ගයක් ඉදිකොට මහනුවර නගරයේ මාර්ග තදබදය තවදුරටත් අවම කිරීමට සැලසුම් කර ඇති බව ද එහිදී ප‍්‍රකාශ කෙරුණා.