Saturday, May 18, 2024

General line - 0115112241

අද ලැබීමට නියමිත 325කගේ PCR වාර්තා ගැන අවධානයෙන්




පොළොන්නරුව ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණු එම කාර්යයාලයේ සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින් 325 දෙනෙකුගේ වාර්තා අද (31) ලැබීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ අදාළ ආසාදිත පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකු ද නිරෝධානය සඳහා පූනානි කඳවුර වෙත යොමු කළ බවයි. 

මේ අතර, ජපානයේ, ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී, නව්‍ය කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ‍්‍රී ලාංකිකයන් 44 දෙනෙකු අද දිවයිනට පැමිණ තිබෙනවා. ගුවන් යානා 03 කින් පැමිණි එම මගීන් අද අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වූ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

කටාර් රාජ්‍යයේ නාවිකයින් ලෙස සේවය කළ ශ‍්‍රී ලාංකිකයන් 31 දෙනෙකු, ඉන්දියාවේ සේවය කළ ශී‍්‍ර ලාංකිකයින් 07 දෙනෙකු සහ ජපානයේ සේවය කළ ශ‍්‍රී ලාංකිකයන් 06 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.

දිවයිනට පැමිණි ගුවන් මගීන් සියලූදෙනා කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නිරෝධායනය සදහා යොමු කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.