Sunday, May 19, 2024

General line - 0115112241

රක්ෂිත බන්ධනාගාරගත කළ ශානි අබේසේකර මහර බන්ධනාගාර රෝහලට




මේ මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ අධිකාරී ශානි අබේසේකර මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශානි අබේසේකර ඊයේ (30) රාති‍්‍රයේම මහර බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා. එහිදී වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව වෛද්‍ය නිර්දේශවලට අනුව ඔහු  මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

2013 වසරේ කළගෙඩිහේන ප‍්‍රදේශයෙන් ගිනි අවි සොයාගැනීමේ සිද්ධියකට අදාළ සාක්ෂි සැඟවීමේ චෝදනා යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ශානි අබේසේකර අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි. 

මේ අතර, 2015 ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට අදාළව රත්නපුර මහාධිකරණයෙන් මරණ දඬුවම් නියම කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි ඇතුළු තිදෙනා, ඊයේ රාති‍්‍රයේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා. ඔවුන් තිදෙනා එම බන්ධනාගාරයේ Y වාට්ටුවේ වෙන - වෙනම සිර මැදිරිවල රදවා සිටින බවයි බන්ධනාගාර ආරංචි අනාවරණ කළේ.