Sunday, May 19, 2024

General line - 0115112241

"පොහොට්ටුවට ආසන 130 - 135ත් අතර, දෙවෙනියාට ඡන්ද අඩක් හෝ නෑ" බැසිල් මෙවරත් මැතිවරණ අනාවැකිය කියයි




මෙවර මහමැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලබාගන්නා ඡුන්ද සංඛ්‍යාවෙන් අඩක් හෝ ලබා ගැනීමට, දෙවන තැනට පත්වන දේශපාලන පක්ෂයට නොහැකි බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසනවා. 

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මැතිවරණ ප‍්‍රථිඵල අනුව සිය පක්ෂයට නියත වශයෙන්ම පාර්ලිමේන්තු ආසන 130 කට වැඩි ප‍්‍රමාණයක් හිමි වන බවයි.