Sunday, May 19, 2024

General line - 0115112241

ජනපති ගෝඨාභයගෙන් සිවු මහ නගර සැලසුමක්




අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිත ”සිව්මහ වාණිජ නගර” අතරට හම්බන්තොට දිස්ත‍්‍රික්කය එක්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

කොළඹ, යාපනය සහ ති‍්‍රකුණාමලය ”සිව්මහ වාණිජ නගර” අතරට එක් කෙරෙන සෙසු දිස්ති‍්‍රක්කයි.  සිව්මහ නගරවල වරාය සහ ගුවන්තොටුපොළ කේන්ද්‍ර කර ”සී හැඩය” ගන්නා ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කර ජාත්‍යාන්තර වෙළෙඳපොළ හා තරග කරන රටක් ගොඩනගන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම ස`දහා හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ චාරිකාවක නිරත ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

අමාත්‍ය චමල් රාජපක්ෂ තිස්සමහාරාමය බස් නැවතුම්පොළ අසළ සංවිධාන කළ ජන හමුවෙන් ජනාධිපතිවරයාගේ හම්බන්තොට දිස්ති‍්‍රක් චාරිකාව අද ආරම්භ කෙරුණා.

මේ අතර, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද අද හම්බන්තොට පැවති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවකදී මෙලෙස අදහස් පළ කළා.