Sunday, May 19, 2024

General line - 0115112241

මෙරට කොරෝනා ආසාධිතයන් ගණන 290ක් දක්වා පහලට




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් ගණන 2,514 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඒ, එම වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 75 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. 

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල්වල ප‍්‍රතිකාර ලබන රෝගීන් ගණන 290 ක් දක්වා පහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 2,816 ක් වන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.