Sunday, May 19, 2024

General line - 0115112241

නිකිණි පුර පසළොස්වක පොහොය අද - ශ්වේත පූජා දෙවනගල පුදබිමේදී




ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබෙනවා. නිකිණි පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම පිළිබඳ පූජ්‍ය පිටිගල ධම්මවිනීත හිමියන් මෙලෙස කරුණු දැක්වූවා.

"බුදු රජාණන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වානය සිදු වී නිකිණි පොහොය වන විට පොහොය 03ක් ගත වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත් වුයේ අද වන් නිකිණි පොහොය දිනකයි. ඒ වගේම නිකිණි පොහොය කියන්නේ ආනන්ද මහ තෙරුන් වහන්සේගේ රහත්වීම සටහන් තබන පොහොයක් ද වනවා. " 

නිකිණි පුර පසළොස්වක පොහොය නිමිති කරගනිමින් නෙත් එෆ්. එම්. ශ්වේත පූජා පිංකම් මාලාව අද දිනය පුරා පැවැත්වෙන්නේ ඓතිහාසික දෙවනගල පුදබිමේදීයි.

2020 නෙත් කඨින මහා පිංකම වෙනුවෙන් වැසි සළු පූජා කිරීමේ පිංකම ද අද පස්වරුවේ එම පිංබිමේදී සිදු කෙරෙනවා.