Sunday, May 19, 2024

General line - 0115112241

කරුණු කිහිපයක් සාකච්ඡා කරන්න ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අද රැස් වෙයි




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අද (03) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, එහි සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් කථානායක නිළ නිවසේදීයි.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් ඇතුලූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් ඊට එක්වීමට නියමිතව තිබෙනවා.

මෙම රැස්වීමේදී මානව හිමිකම් කොමිසමේ හා රාජ්‍ය සේවා කොමිසමේ පවතින පුරප්පාඩු හා හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බවයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක පැවසුවේ.

ඊට අමතරව මුදල් කොමිසම, සීමා නිර්ණන කොමිසම, විගණන සේවා කොමිසම හා ජාතික ප‍්‍රසම්පාදන කොමිසම විසින් ඉදිරිපත් කර ඇති කාර්තු ප‍්‍රගති වාර්තා ඇගයීමට ලක් කෙරෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.