Sunday, May 19, 2024

General line - 0115112241

මැතිවරණ නීති කඩ කළ පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට




මැතිවරණ නිති උල්ලංඝණය කළ පුද්ගලයින් 18 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මහ මැතිවරණයට අදාලව අපරාධ පැමිණිලි දෙකක්ද ඊයේ දිනයේදි ලැබුණු බවයි.

මහමැතිවරණයට අදාලව මේ දක්වා කාලය තුළ මැතිවරණ නීති කඩකල පුද්ගලයින් 440 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර අපේක්ෂකයින් 07 දෙනෙකු වන බවයි පොලිසිය පැවසුවේ.