Monday, May 20, 2024

General line - 0115112241

දිස්ත්‍රික්ක කිහිපයක මනාප ප්‍රතිඵල නිකුත් වේ - නවක මුහුණු ඉදිරියෙන්




මේ වනවිට දිස්ති‍්‍රක්ක කිහිපයක මනාප ප‍්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඒ අනුව මාතර දිස්ති‍්‍රක්කය සදහා මෙවර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් මන්තී‍්‍රවරුන් 6 දෙනෙකු තේරී පත් වුණා. නිපුණ රණවක, කරුණා කොඩිතුවක්කු, ඩලස් අලහප්පෙරුම, කංචන විජේසේකර, මහින්ද යාපා අබේවර්ධන සහ වීරසුමන වීරසිංහ මෙවර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මාතර දිස්ති‍්‍රක්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් දිනාගෙන තිබෙනවා. 

මෙවර මහ මැතිවරණයේදි මාතර දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍ර ආසනයක් දිනා ගැනීමට සමගි ජන බලවේගය සමත් වුණා. ඒ අනුව එම පක්‍ෂයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් හිමි කර ගනිමින් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සදහා වරම් දිනාගත්තේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණයි. 

මේ අතර ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් තේරී පත්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍ර ආසන 7 සදහා රමේෂ් පතිරණ, සම්පත් අතුකෝරළගේ, මොහාන් පී ද සිල්වා, චන්දිම වීරක්කොඩි, ඉසුරු දොඩම්ගොඩ, ශාන් විජේලාල් ද සිල්වා සහ ගීතා කුමාරසිංහ වැඩිම මනාප සංඛ්‍යාවක් හිමි කර ගනිමින් තේරීපත් වුණා. සමගි ජන බලවේගය ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍ර ආසන 2 ක් දිනාගත් අතර ඒ සදහා තේරී පත්වූයේ ගයන්ත කරුණාතිලක සහ මනූෂ නානායක්කාරයි. 

මෙවර මහ මැතිවරණයේදී කළුතර දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍ර ආසන 8  ක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ අනුව එම පක්‍ෂයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් හිමි කර ගනිමින් එම මන්තී‍්‍ර ආසන සදහා සුදුසුකම් ලබාගත්තේ විදුර වික‍්‍රමනායක, රෝහිත අබේගුණවර්ධන, සංජීව එදිරිමාන්න, පියල් නිශාන්ත, ජයන්ත සමරවීර, අනුප පස්කුවල්, ලලිත් එල්ලාවල සහ මහින්ද සමරසිංහයි. 

සමගි ජන බලවේගය මෙවර මහ මැතිවරණයේදී කළුතර දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍ර ආසන 2 ක් දිනාගත්තා. ඒ අනුව වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකර ගනිමින් එම පක්‍ෂයෙන් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සදහා අවස්ථාව හිමිකර ගත්තේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගමයි. 

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මාතලේ දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍ර ආසන 4 දිනා ගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ අනුව එම දිස්ති‍්‍රක්කයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් දිනා ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමිකර ගත්තේ ජනක බණ්ඩාර තෙන්නකෝන්, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ රෝහණ දිසානායකයි.

සමගි ජන බලවේගය මාතලේ දිස්ති‍්‍රක්කයෙන් එක් මන්තී‍්‍ර ආසනයක් දිනාගත් අතර ඒ සදහා තේරී පත්වූයේ රෝහිණී කවිරත්නයි.

මේ අතර පොළොන්නරුව දිස්ති‍්‍රක්කය සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්තී‍්‍රවරුන් 4 දෙනෙකු තේරී පත් වුණා. ඒ අනුව එම පක්‍ෂයෙන් මනාප එක් ලක්‍ෂ 11,137 ක් ලබාගත් හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එම දිස්ති‍්‍රක්කයේ පළමු තැනට පත් වුණා. 

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රොෂාන් රණසිංහ මනාප 90,615 ක් ලබා ගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර සිරිපාල ගම්ලත්, ඒ අතුකෝරළද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. සමගි ජන බලවේගයට පොළොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් එක් මන්තී‍්‍ර ආසනයක් හිමි වූ අතර ඒ සදහා වරම් දිනාගත්තේ මනාප 22,392 ක් ලබාගත් කින්ස් නෙල්සන්.

මෙවර මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍ර ආසන 5 ක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ අනුව මනාප එක් ලක්‍ෂ 9,155 ක් ලබාගත් ජිවන් තොණ්ඩමන් එම දිස්ති‍්‍රක්කයේ වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකර ගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. 

එම දිස්ති‍්‍රක්කයෙන් තේරී පත් වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සෙසු පිිරිස වන්නේ සී බී රත්නායක, එස් බී දිසානායක, එම්. රමේෂ් සහ නිමල් පියතිස්සයි. සමගි ජන බලවේගය නුවරඑළිය දිස්ති‍්‍රක්කයෙන් මන්ති‍්‍ර ආසන 3 ක් දිනාගත්තා. ඒ සදහා වැඩිම මනාප සංඛ්‍යාවක් දිනා ගනිමින් වරම් දිනාගත්තේ පලනි දිගම්බරන්, වී. රාධකි‍්‍රෂ්ණන් සහ එම් උදය කුමාර්.

මේ අතර මෙවර මහ මැතිවරණයේදී බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට මන්තී‍්‍ර ආසන 6 ක් හිමි වුණා. ඒ  අනුව වැඩිම මනාප සංඛ්‍යාවක් දිනා ගනිමින් ඒ සදහා වරම් දිනාගත්තේ නිමල් සිරිපාල ද සිල්වා, සුදර්ශන දෙනිපිටිය, තේනුක විදානගමගේ, චාමර සම්පත් දසනායක, ඩිලාන් පෙරේරා සහ ජානක තිස්ස කුට්ටිආරච්චියි.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් හිමි වූ මන්තී‍්‍ර ආසන 3 සදහා තේරී පත් වූයේ වඩිවේල් සුරේෂ්, අරවින්ද කුමාර්, චමින්ද විජේසිරියි.

මේ අතර මෙවර මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍ර ආසන 6 ක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. එම දිස්ති‍්‍රක්කයේ වැඩිම මනාප සංඛ්‍යාවක් හිමි කර ගත්තේ මනාප එක් ලක්‍ෂ 66,660 ක් ලබාගත් නාමල් රාජපක්‍ෂයි. ඞී වී චානක, මහින්ද අමරවීර, චමල් රාජපක්‍ෂ, උපුල් ගලප්පත්ති සහ අජිත් රාජපක්‍ෂ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. 

සමගි ජන බලවේගය නියෝජනය කරමින් මෙවර හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ දිලිප් වෙදආරච්චි පමණයි.