Monday, May 20, 2024

General line - 0115112241

පුත්තලමේ වැඩිම මනාප සනත් නිශාන්තට




පුත්තලම දිස්ති‍්‍රක්කයේ මනාප ප‍්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබෙනවා. 

ඒ අනුව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී මන්තී‍්‍ර ආසන 5ක් දිනාගත් අතර ඉන් වැඩි මනාප සංඛ්‍යාවක් හිමිකර ගෙන ඇත්තේ සනත් නිශාන්ත පෙරේරායි. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 80,082 ක්. දෙවන ස්ථානය මනාප 74,425 ක් ලැබූ පි‍්‍රයංකර ජයරත්නටත්, 3 වන ස්ථානය මනාප 70,892 ක් ලබාගත් අරුන්දික ප‍්‍රනාන්දුටත් හිමිව තිබෙනවා. 

වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් පුත්තලම දිස්ති‍්‍රක්කය සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත් වූ සෙසු දෙදෙනා වන්නේ චින්තක අමල් මායාදුන්න සහ අශෝක පි‍්‍රයන්තයි.

මේ අතර මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍ර ආසන 2 ක් දිනාගත් අතර හෙක්ටර් අප්පුහාමි සහ නිරෝෂන් පෙරේරා ඒ සදහා තේරී පත් වුණා මුස්ලිම් ජාතික සන්ධනය නියෝජනය කරමින් අබ්දුල් අලි සබ්රිද පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබෙනවා.