Monday, May 20, 2024

General line - 0115112241

අමෙරිකානු තානාපති කාර්යාලයෙන් පණිවිඩයක්




කොරෝනා වසංගත අභියෝගය මැද මෙවර මහ මැතිවරණය ක‍්‍රමවත්ව පැවැත්වීම සම්බන්ධයෙන් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය සුබ පැතුම් එක් කර තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය සදහන් කර ඇත්තේ නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමගින් සියළු දෙනාම ඒකරාශි වන අයුරින් ආර්ථිකය යථා තත්ත්වයට ගෙනඒම සදහා සැලසුම් සකස් කිරීම සිදුකළ යුතු බවයි. 

මානව හිමිකම් හා නීතියේ අධිපාත්‍යය පවත්වාගෙන යාම මෙන්ම රටේ ස්වෛරීත්වය ආරක්‍ෂා කිරීම සදහා වන කැපවීමද රජය විසින් සිදුකරනු ඇති බවයි අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.