Monday, May 20, 2024

General line - 0115112241

කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු




කුරුණෑගල බුවනෙකබාහු රාජසභා ගොඩනැගිල්ල බව පැවසෙන ගොඩනැගිල්ලකට හානි සිදුකිරිම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබෙනවා.

නීතිපතිවරයාගේ උපදෙස් මත වැඩබලන පොලිස්පතිවරයා මෙම වරෙන්තුව ලබාගෙන ඇති බවයි නිතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.