Friday, September 20, 2024

General line - 0115112241

තම පිළට බැට දුන් කුසල් මෙන්ඩිස්ගේ ‘දෙමාපියන්ට’ ඕස්ට්‍රේලියානු සභාපතිගෙන් ඇරයුමක් (PHOTOS)



ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලියේ දී නොමැකෙන සටහනක් තැබූ යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ දෙමාපියන් ඕස්ට්‍රේලියා ක්‍රිකට් සභාපතිවරයාව හමුවුණා.

ඒ ඔහුගෙන් ලැබුණු ආරාධනාවකට අනුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ද එම අවස්ථාවට එක්ව සිටියා.

එහිදී ඕස්ට්‍රේලියානු සභාපතිවරයා සඳහන් කර ඇත්තේ “ඔබේ පුතා අපිට අභියෝගයක් වුණා” යනුවෙනුයි.

ලාබාල ක්‍රීඩකයෙකු ලෙස තවත් කාලයක් කුසල්ට දක්ෂතා පෙන්වීමට හැකිවන බවද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.
මෙම හමුවේ දී ගත් ඡායාරූපයක් පහතින් දැක්වෙනවා.

13900193_378255298964853_944752382421709843_n