Tuesday, April 30, 2024

General line - 0115112241

නෙල්ලිගල හිමියන්ගෙන් පාස්කු කොමිසමට යෝජනාවලියක්




නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද දිනයේත් පැය 06 ක ප‍්‍රකාශයක් ලබාදුන්නා. සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් ලබාදුන් දුරකථන ඇමතුම් පිළිබඳ මෙන්ම මෙවැනි අන්තවාදී පිරිස් තවදුරටත් සමාජය තුළ සිටින බව තමන් පාස්කු කොමිසම හමුවේ සඳහන් කළ බවයි පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් නෙත් නිවුස් වෙත සඳහන් කළේ. 

අන්තවාදී කි‍්‍රයාකාරකම් රටතුළ යළි ඇති නොවීමට ගතයුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් කරුණු 21 කින් යුත් විශේෂ යෝජනාවක් ද අද දිනයේදී පාස්කු කොමිසම වෙත භාරදුන් බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ. 

මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන 16 වන දිනටත් පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නා. එහිදී ඔහු අනාවරණ කළේ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට ලද බුද්ධි තොරතුරු පිළිබඳ හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා දැනුවත් කිරීමට ගත් උත්සහයන් පිළිබඳවයි.