Friday, May 3, 2024

General line - 0115112241

පලා යමින් සිටි 'චමියා' වෙඩි වැදී මරුට




පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන චමින්ද එදිරිසූරිය නොහොත් චමියා නමැත්තා ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඒ, ගම්පහ ප‍්‍රදේශයේදීයි.

මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන් වෙත වෙඩි තබා පලා යාමට උත්සහ කර ඇති අතර එහිදී පොලීසිය විසින් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඊයේ (22) රාති‍්‍රයේ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා. චමින්ද එදිරිසූරිය නොහොත් චමියා නමැත්තා, සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ කණ්ඩායමේ ප‍්‍රධාන වෙඩික්කරුවෙකු ලෙසටද සැලකෙනවා.