Friday, May 3, 2024

General line - 0115112241

විදේශ රටවල රැදී සිටි තවත් ශී‍්‍ර ලාංකිකයින් පිරිසක් දිවයිනට




විදේශ රටවල රැදී සිටි තවත් ශී‍්‍ර ලාංකිකයින් 376 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඔවුන් ඕස්ටේ‍්‍රලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කෙන්යාව සහ කටාර් සිට කටුනායක හා මත්තල ගුවන් තොටුපොල වෙත පැමිණි බවයි.

ඉන් 239 දෙනෙකු පැමිණ ඇත්තේ  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර සිටයි. කෙන්යාවේ නයිරෝබි නුවර සිට තවත්  
ශ‍්‍රී ලාංකිකයන් 83 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවල නිරතව සිටි ශ‍්‍රී ලාංකිකයන් 35 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 19 දෙනෙකුද මෙරටට පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර රෝගවලින් පෙළෙමින් සිටින ෂීෂෙල්ස් ජාතිකයන් 45 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබෙනවා.

ඔවුන් දීර්ඝ කාලයක සිට මෙරටින් වෛද්‍ය පහසුකම් ලබාගන්නා පිරිසක් බවයි වාර්තා වුණේ.