Friday, May 3, 2024

General line - 0115112241

හෙරොයින් සමග තරුණයන් දෙදෙනෙකු වැලිපැන්න අධිවේගී පිවිසුම අසලදී අත්අඩංගුවට




අලූ‍ත්ගම සිට වැලිපැන්න අධිවේගී මාර්ගය දෙසට හෙරොයින් ප‍්‍රවාහනය කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. වැලිපැන්න අධිවේගී පිවිසුම ආසන්නයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග‍්‍රෑම් 15 ක් සමගින්. 

මේ අතර පානදුර, අළුත්ගම සහ මතුගම ප‍්‍රදේශවල උපකාරක පන්ති සිසුන් සදහා අළෙවි කිරීමට රැගෙන ආ කේරළ ගංජා ග‍්‍රෑම් සියයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරුවන් මල් පෝච්චි අලෙවි කිරීමේ මුවාවෙන් ලොරි රථයක් භාවිත කරමින් මෙම ජාවාරම සිදුකර තිබුණා. කේරල ගංජා ග‍්‍රෑම් 5 සහ 10 ප‍්‍රමාණ වශයෙන් කුඩා පැකට්වල ගංජා අසුරා තිබූ බවයි පොලීසිය පැවසුවේ. ලොරි රථයේ රියදුරා මෙම ජාවාරම සිදුකර ඇත්තේ සිය අවුරුදු හතර හමාරක කුඩා පිරිමි දරුවා ද එම ලොරි රථයේ තබාගෙන බවයි පොලීසිය සදහන් කළේ.