Friday, May 3, 2024

General line - 0115112241

ජනපති මහා සංඝරත්නය බැහැ දකී




ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබාගත්තා. 

ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයට ගිය ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. 

අනතුරුව විද්‍යාලංකාර පිරිවෙන වෙත ගිය ජනාධිපතිවරයා එහි පරිවේනාධිපති අතිපූජ්‍ය වැලිමිටියාවේ කුසලධම්ම හිමියන් බැහැ දුටුවා. එහි ඉදිකෙරමින් පවතින ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත‍්‍රණ ශාලාව කඩිනමින් නිම කර දෙන බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා. 

එම පිරිවෙනෙහි වැඩ වසන සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිපූජ්‍ය කුඹරුගමුවේ වජිර හිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබාගත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉන් පසු කොට්ටාව රුක්මලේ ධර්මවිජයාලෝක විහාරස්ථානයට පිටත් වුණා. 

එහිදී කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර දර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැදැක ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක නිරත වී තිබෙනවා.