Friday, May 3, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුවත් කිරීමේ වැඩමුළුවක්




නව වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්තී‍්‍රවරුන් සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධාන කර තිබෙනවා.

ලබන 25 සහ 26 දෙදින පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර එකෙහි මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසුවේ. 

පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබද මූලික අවබෝධයක් ලබාදීම මෙහි අරමුණ බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සදහන් කළේ. 

මෙම වැඩමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි වන අතර ඊට කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ද සහභාගිවීමට නියමිතයි.