Friday, May 3, 2024

General line - 0115112241

එක රටක් - එක නීතියක් නව රජයේ සංකල්පයට මරික්කාර්ගෙන් දැඩි විරෝධය - ජනතාව ප්‍රතික්ෂේප කළ විපක්ෂයේ මතය ගණන් ගත යුතු නැතැයි නාමල් කියයි




එක රටක් - එක නීතියක් යටතේ රජය ගෙන යන වැඩපිළිවෙල අකර්මන්‍ය කිරීමට විපක්‍ෂය විවිධ චෝදනා නගමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

සමගි ජන බලවේගය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් එම් මරික්කාර් පැවසුවේ එක රටක් - එක නීතියක් යටතේ ආණ්ඩුව වෙනත් න්‍යාය පත‍්‍රයන් ඉටු කිරීමට සූදානම් වන බවයි.

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර මාධ්‍ය වෙත කියා සිටියේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හරහා ජනතා අභිලාෂයන් දුර්වල කිරීමට ආණ්ඩුවට ඉඩ නොතබන බවයි. 

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී විපක්‍ෂයේ මතය විමසීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පැවසුවේ. යෝජිත නව ව්‍යවස්ථාව ගෙන ඒමේදී දේශපාලන පක්‍ෂවල බලපෑම්වලට නතු නොවන බව රාජ්‍ය ෂෙහාන් සේමසිංහද මාධ්‍ය හමුවේ කියාසිටියා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ඉකුත්දා පැවති ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමේදීම අනුමැතිය හිමි වුණා.