Friday, May 3, 2024

General line - 0115112241

රංජන්ට එරෙහි නඩුවේ තීන්දුව ලඟදීම




හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක අධිකරණයට අපහාස කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ඉදිරි දිනකදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. 

ඔහුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. අද දින සියලූ‍ පාර්ශවයන්ගේ වාචික දේශන අවසන් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. යම් හෙයකින් පාර්ශවයන්ට පැහැදිලි කිරීම් සිදු කිරීමට ඇත්නම් එය ඔක්තෝබර් මස 21 වනදා සිදු කරන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ. 

අද දින මෙම නඩුව විනිසුරු සිසිර ද ආබෘ සහ විනිසුරු විජිත් මලල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන ඉදිරියේ කැදවනු ලැබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

2017 වසරේ අගෝස්තු මස 21 වනදා එවකට නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරූ රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප‍්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.