Friday, May 3, 2024

General line - 0115112241

ගාල්ලෙන් හෙරොයින් සමග ආයුධ හමුවේ




ගාල්ල, තෙල්වත්ත සහ රත්ගම කන්දගොඩ ප‍්‍රදේශවල සිදුකළ වැටලීම් දෙකකදී මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ තොගයක් සොයා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. තෙල්වත්ත ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකින් හෙරොයින් කිලෝග‍්‍රෑම් 5 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. 

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී අද දිනයේ රත්ගම, කන්දගොඩ ප‍්‍රදේශයෙන් තවත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 6 ක් සොයාගෙන තිබෙනවා. 

ඊට අමතරව ටි 56 ගිනි අවි දෙකක්, පිස්තෝල 2 ක් හා උණ්ඩ සියයකට අධික ප‍්‍රමාණයක් ද සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අත්අඩංගුවට ගැණුනු සැකකරු තෙල්වත්ත, පෑළිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.