Friday, May 3, 2024

General line - 0115112241

එජාපයේ තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක්




තීරණාත්මක සාකච්ඡාවක් සදහා එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී රැස් වුණා. 

ඒ, පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. අද පැවති කාත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී වැඩි අවධානයක් යොමුවී ඇත්තේ පක්‍ෂ නායකත්ව ගැටළුව සම්බන්ධයෙන් බවයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කළේ. එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා ඊයේ ප‍්‍රකාශ කළා. 

නිවේදනයක් නිකුත් කරමින් හිටපු කථානායකවරයා සදහන් කළේ ඒ පිළිබද තමන් පක්‍ෂ නායකත්වයට සහ ජේ්‍යෂ්ඨයන්ට දැනුම් දුන් බවයි. 

කෙසේවෙතත් එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් විජේවර්ධන මීට පෙර ප‍්‍රකාශ කළේ තමන්ද පක්‍ෂ නායකත්වය භාරගැනීමට සූදනම් බවයි. එය භාර ගනු ලබන්නේ සියළු දෙනාගේ කැමැත්ත අනුව බවයි ඔහු ප‍්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සදහා ද මෙතෙක් කිසිවෙකුත් නම් කර නැහැ. පක්‍ෂ නායකත්වය යළි කරලියට පැමිණීම හේතුවෙන් එය ද තවදුරටත් ප‍්‍රමාද වනු ඇතැයි පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කළේ. 

අද පැවති පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීම මීට නොබෝ වේලාවකට පෙර අවසන් වී තිබෙනවා. එහිදී අභිනව නායකත්වය තෝරා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි එක්සත් ජාතික පක්‍ෂය පවසන්නේ. ඒ අනුව පක්‍ෂයේ ව්‍යවස්ථානුකූලව නව නායකත්වය සැප්තැම්බර් මස මුල් සතියේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී තීරණය කිරීමටයි අද පැවති සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට පැමිණ ඇත්තේ.