Friday, May 3, 2024

General line - 0115112241

අවස්ථා රැසක් මගහැර ගිය 'කරූ' දැන් කොහොමද ගොඩ ගන්නේ - වජිර ප්‍රශ්න කරයි




එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන ඊයේ අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයේ මහනායක ස්වාමීන්වහසේලා බැහැ දැක පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කළා. 

එක්සත් ජාතික පක්ෂයේ වසර 38ක් නොකඩවා කටයුතු කළ වජිර අබේවර්ධන මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ අනාගතය ගැන වගකීම් භාර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවනවා. 

තමා සතු අත්දැකීම් සහ පළපුරුද්ද එක්සත් ජාතික පක්ෂයේ යහපත සඳහා යෙදවීමට තමා අපේක්ෂාවෙන් සිටින බවත් ඒ සඳහා නායකතුමාගේ ආශිර්වාදය සහ සියලු සාමාජිකයින්ගේ ආශීර්වාදය තමා බලාපොරොත්තුවන බවත් සඳහන් කළා. 

කරූ ජයසූරිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් වජිර අබේවර්ධන කියා සිටියේ, "එතුමා ඉද්දි තමයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණේ..එතුමා ඉද්දි තමයි සරත් ෆොන්සේකා මහතාව ජනාධිපතිවරණට ඉදිරිපත් කළේ. එතුමා ඉද්දි තමයි පහුගිය ජනාධිපතිවරණ අවස්ථාව වෙන කොට රටේ ඇති වූ ප්‍රශ්නය විසඳා ගැනීමට එතුමට ජනාධිපති අපේක්ෂකත්වය අරගෙන ක්‍රියා කරන්න තිබ්බෙ. මේ ක්‍රියාකාරීත්වයන් කිසිවක් නොවුණු අවස්ථාවක දැන් කොහොමද එතුමා ගොඩ ගන්නේ..ඒ නිසා ඒක එච්චර වැදගත් කාරණයක් නෙමෙයි."