Saturday, May 4, 2024

General line - 0115112241

බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් පිරිසකට ජනාධිපති පොදු සමාව




සුළු වැරදි යටතේ බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් පිරිසකට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට තීරණය කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ ඒ සම්බ්නධයෙන් ඊයේ (30) දිනයේදී තමන් වෙත උපදෙස් ලැබුණු බවයි. නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හා බන්ධනාගාර තුළ මේ වනවිට පවතින තදබදය හේතුවෙන් සිරකරුවන් පිරිසට එලෙස ජනාධිපති පොදුසමාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දඩමුදල් ගෙවා ගත නොහැකිව සුළුවැරදි යටතේ සිරදඬුවම් විඳින සිරකරුවන්, වයස අවුරුදු 65 ට වැඩි සුළු වැරදි යටතේ සිරදඬුවම් විඳින දඬුවම් කාලයෙන් අඩක් ගෙවා ඇති සිරකරුවන්ට ඉදිරියේදී නිදහස හිමිවනු ඇති.

යහපත් කල්කි‍්‍රයාව හේතුවෙන් සෑම වසරකම අදාළ සිරදඬුවමෙන් මාස 03 කාලයක් අඩු කෙරෙන පදනම යටතේ මේ වනවිට අදාළ සිරදඬුවම් කාලය අවසන් වන සුළු වැරදි යටතේ සිරදඬුවම් විඳින පිරිසට ද ඉදිරියේදී නිදහස ලබාදීමට තීරණය වී ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර දිවයින පුරා කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් යටතේ ඉකුත් දිනවල සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් මේ වනවිට බන්ධනාගාර තුළ තදබදයක් ද පවතිනවා.