Saturday, May 4, 2024

General line - 0115112241

රටට අවශ්‍ය ව්‍යවස්ථාව ගැන මල්වතු පාර්ශ්වයෙන් ප්‍රකාශයක්




බුදුදහමේ දාර්ශනික හරයන් ඇතුළත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ මහනුවර ඊයේ (30) පැවැති සමුළුවකට එක්වෙමින්. 

අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ද මෙහිදී අදහස් පළ කළා.

එහිදී පෙන්වා දුන්නේ "අතීතයේ සිටම බෞද්ධ මූලධර්ම මුල් කරගෙන තමයි අපේ රටේ රාජ්‍යත්වය පැවතගෙන ආවේ. ඒවා ඉදිරියටත් පැවතිය යුතුයි. එහෙම නැතුව රජයට අනාගමික විය නොහැකියි. පසුගිය කාලයේ විවිධ විකල්ප මත ගෙනත් තිබුණා. " යනුවෙනි. 

දිගින් දිගටම ව්‍යවස්ථා සංශෝධන ගෙන එනවාද, නැතහොත් නව ව්‍යවස්ථාවක් ගෙන එනවාද යන්න පිළිබඳ තීරණයක් ගත යුතු කාලය එළඹ ඇති බව ද අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මෙහිදී ප‍්‍රකාශ කළා.