Saturday, May 4, 2024

General line - 0115112241

ජාතික මහා ක‍්‍රීඩා උළලේ ක්‍රීඩා කටයුතු ගැන දැනුම්දීමක්




ජාතික මහා ක‍්‍රීඩා උළෙලට අදාළව උතුරුමැද පළාත හැර සෙසු පළාත්වල ක‍්‍රීඩා තරග කටයුතු ආරම්භ කර ඇති බව ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය පවසනවා.

රාජාංගණය ප‍්‍රදේශයේ ඇති වූ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් උතුරුමැද පළාතේ ක‍්‍රීඩා කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූ බවයි ඔහු කියා සිටියේ.

කෙසේවෙතත් ඉදිරි මාසයේදී උතුරුමැද පලාත තුළ ජාතික මහ ක‍්‍රීඩා උළෙලට අදාල තරග ඉසව් පවත්වන බව ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය සදහන් කළා.