Tuesday, May 7, 2024

General line - 0115112241

මහනුවර ඡන්දය යළි ගණන් කරන්නැයි අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

අධිකරණ වාර්තාකරු




ඉකුත් මහ මැතිවරණයේ මහනුවර දිස්ත‍්‍රික්කය සදහා ප‍්‍රකාශිත වූ ජන්ද පත‍්‍රිකා යළි ගණන් කරන ලෙසට ඉල්ලා අද (02) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළා. එම පෙත්සම ගොනු කළේ මහනුවර දිස්ත‍්‍රික්කය සදහා ස්වාධීන කණ්ඩායම් අංක 1 යටතේ තරග කළ අමිත් වීරසිංහ විසින් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට මහනුවර දිස්ත‍්‍රික්කයේ තේරීම් භාර නිළධාරියා, එම දිස්ත‍්‍රික්කය සදහා තරග කළ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ඇතුළු පාර්ශවයන් කිහිපයක් නම් කර තිබෙනවා. සිය පෙත්සමෙන් පෙත්සම්කරු පවසා සිටින්නේ මහනුවර දිස්ත‍්‍රික්කයේ ජන්දය ගණන් කිරීමේදී අක‍්‍රමිකතා සිදු වී ඇති බවයි.