Tuesday, May 7, 2024

General line - 0115112241

අද රාතී‍්‍රයේත් තද වැසි

ලලිත් චාමින්ද / කුෂාන් ජයවර්ධන




අද රාති‍්‍රයේද දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක කියාසිටියේ ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි ද ඇති විය හැකි බවයි.

මේ අතර ධීවර දෙපාර්තමේන්තුව කුඩා සහ එක්දින යාත‍්‍රාවල ධීවරයින්ට දැනුම් දෙන්නේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හෙට මධ්‍යහන 12 වන තුරු ධීවර කටයුතුවලට පිටත්ව යාමෙන් වළකින ලෙසයි. පවතින තත්ත්වය සමග මුහුදේ කාලගුණික තත්ත්වය ද අවදානම් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක කියාසිිටියේ.

මේ අතර පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන්් දිස්ති‍්‍රක්ක 5 කට නායයෑම් අනතුරු ඇ`ගවීමක් නිකුත් කර තිබෙනවා. එම දිස්ති‍්‍රක්ක වන්නේ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුරයි. 

කොළඹ දිස්ති‍්‍රක්කයේ පාදුක්ක සහ සීතාවක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට එම අනතුරු ඇගවීම බලපැවැත්වෙන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. මේ, එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි.

මේ අතර ඇදහැළුණු අධික වැසි සමග ගාල්ල, උළුවිටිකේ, කැන්දපලතුඩුව වත්තේ නිවසක් මතට තාප්පයක් කඩා වැටිමෙන් එම නිවසේ සිටි මව හා දියණිය තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. නිවැසියන් නින්දට ගොස් සිටියදි ඊයේ රාතී‍්‍ර මෙලෙස නිවස මතට තාප්පය කඩා වැටී තිබුණා. 

මේ අතර පලාගල, ගම්බිරිගස්වැව, මිල්ලගොඩ ඇතුලූ ගම්මාන රැුසකට විදුලි බලය ඊයේ රාති‍්‍රයේ සිට ඇණ හිට තිබෙනවා. සියඹලා ගසක් විදුලි පද්ධතියට කඩාවැටීම ඊට හේතුවයි. ලංකා විදුලි බලමණ්ඩලයේ කැකිරාව ප‍්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී එහි ප‍්‍රකාශකයෙකු කියා සිටියේ කඩිනමින් එම විදුලි පද්ධතිය පිළිසකර කර විදුලි සැපයුම ලබාදෙන බවයි.